A S. Design Home.

Call Directions Website Contact the business

A S. Design Home. Design House Plane, Estimate, Building construction

මාවතගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත, අප විසින් නිර්මාණය කරන ලද නවීන හා ආකර්ෂණීය නිවාස සැලසුමක්! ✨🔹 Total Floor Area – 2200 ...
21/03/2026

මාවතගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත, අප විසින් නිර්මාණය කරන ලද නවීන හා ආකර්ෂණීය නිවාස සැලසුමක්! ✨

🔹 Total Floor Area – 2200 sq.ft
🔸 Ground Floor (යට තට්ටුව)
• නිදන කාමර 2ක් 🛏️
• බාත්රූම් 1ක් 🚿
• විශාල සාලය 🛋️
• Modern kitchen 🍽️
• Dining area

🔸 First Floor (උඩු මහල)
• නිදන කාමර 2ක් 🛏️
• බාත්රූම් 1ක් 🚿
• Open terrace / relaxing space

🌿 Modern Two-Story House Design – Mawathagama

📍 Location: Mawathagama

A beautifully designed modern home, created for comfortable family living. ✨

🔹 Total Area – 2200 sq.ft
🔸 Ground Floor
• 2 Bedrooms 🛏️
• 1 Bathroom 🚿
• Living Area 🛋️
• Modern Kitchen 🍽️
• Dining Area

🔸 First Floor
• 2 Bedrooms 🛏️
• 1 Bathroom 🚿
• Open Terrace 🌿
✨ A perfect blend of comfort, style, and modern living.
📐 Designed by A.S. Design Home
🔧 Our Services
• House Design & Planning
• BOQ (Bill of Quantities) Preparation
• Cost Estimation
• Electrical & Plumbing Design
• Construction Services
📩 Message us to design and build your dream home

කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත coffe cafe එක සදහා අප විසින් නිර්මාණය කල සැලසුම.ඔබට අවශ්‍ය නිවාස සැළසුම් වි...
18/03/2026

කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත coffe cafe එක සදහා අප විසින් නිර්මාණය කල සැලසුම.
ඔබට අවශ්‍ය නිවාස සැළසුම් වියාපාරික ආයතන නිර්මාණය කර ගැනීම සදහා අපව සම්බන්ධ කර ගන්න.
0778865988

කුරුණෑගල හිරිපිටියේ අප විසින් කරන ලද තවත් සැලසුමක්.ඔබටත් මේ වගේ සැළසුමක් ඇද ගැනීමට අප සමග සම්බණ්ද වන්න.A.S.Design Home.
24/01/2026

කුරුණෑගල හිරිපිටියේ අප විසින් කරන ලද තවත් සැලසුමක්.
ඔබටත් මේ වගේ සැළසුමක් ඇද ගැනීමට අප සමග සම්බණ්ද වන්න.
A.S.Design Home.

🏡ඔබගෙ පරණ ගෙදරට නව පෙනුමක් එන විදිහට අලුතින් සැළසුමක් කරමුද? මේ පහතින් තියෙන්නේ කුරුණෑගල හිරිපිටිය ඒ වගේ පැරණි ගෙදරක් නව...
09/01/2026

🏡ඔබගෙ පරණ ගෙදරට නව පෙනුමක් එන විදිහට අලුතින් සැළසුමක් කරමුද?

මේ පහතින් තියෙන්නේ කුරුණෑගල හිරිපිටිය ඒ වගේ පැරණි ගෙදරක් නව පෙනුමක් , ඔවුන්ගේ අවශ්‍යතාව අනුව අප විසින සැළසුම් කරන ලද තවත් සැලසුමකි.මෙහි පහත මාලයේ දැනට වැඩ අවසන්ව ඇත.

ඔබටත් ඔබගේ පැරණි නිවස නවීන විදිහට වෙනස් කර ගැනීමට හෝ අලුතින් සැළස්මක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් අප සමග සම්බණ්ද වන්න.

🏗️ නිවසක් ඉදි කිරීමේදී👷‍♂️ සුදුසුකම් ලත් කාර්මික නිලධාරියකු / ඉංජිනේරුවකුගේ අධීක්ෂණය අත්‍යවශ්‍ය වන්නේ ඇයි?නිවසක් ඉදි කිර...
06/01/2026

🏗️ නිවසක් ඉදි කිරීමේදී
👷‍♂️ සුදුසුකම් ලත් කාර්මික නිලධාරියකු / ඉංජිනේරුවකුගේ අධීක්ෂණය අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
නිවසක් ඉදි කිරීම කියන්නේ
👉 ජීවිත කාලයක් සුරක්ෂිතව ජීවත් වීමට ඔබ කරන විශාලම ආයෝජනයක්.
තනි මහල් නිවසක් හෝ, දෙමහල් නිවසක් වුණත්
නිසි අධීක්ෂණය නැතිව ඉදිකිරීම තුලින් ඔබට
දිගු කාලීනව බරපතළ ගැටලු වලට මුහුණ දිය හැක.
1️⃣ සැළසුමට (Plan එකට) අනුව ඉදිකිරීම් සිදු කිරීම.
බොහෝ දෙනා
නිවසේ සැළසුමක් සකස් කරගත්තත්
ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම ඔබ දන්නා මේසන් බාස් කෙනෙකුට,එහෙම නැතහොත් ක්‍රොන්තාත් පදනම යටතේ ඉදිකීරිම සදහා භාරදීම සිදු කරයි.
මෙහිදී,
👉 ඔවුන්ගේ පහසුවට සමහර කොටස් ඉවත් කර ඉදිකිරීම කටයුතු කල හැක.
👉 ඔවුන්ට හුරු ක්‍රමයට ඔවුන් “මට දන්නවා” කියලා පෙන්වන්න යන උත්සාහය නිසා Plan එකෙන් පිටතට ගිය ඉදිකිරීම් සිදු වීමට ඉඩ තියෙනවා.
👷‍♂️ නිසි අධීක්ෂණයක් යටතේ සිදු වන්නේ නම් ,
👉 Drawing එකට අනුවද
👉 Layout එක හරිද
👉 මිනුම් නිවැරදිද
පියවරෙන් පියවර පරීක්ෂා කරන නිසා
අවසානයේ ඔබ හිතපු නිවසම ලැබෙනවා.
2️⃣ බරපතළ ඉදිකිරීම් දෝෂ මුල් අවධියේම හඳුනා ගැනීම
Foundation, Column, Beam, Slab වැනි
🏗️ මූලික ව්‍යුහ කොටස් වල
මුල් අවධියේ සිදු වන වැරදි,
❌ පසුව හදාගන්න අමාරුයි
❌ වියදම් වැඩි වෙයි
❌ සමහරවිට හදාගන්නවත් බැරි වෙයි.
👷‍♂️ ඉංජිනේරුවකු / කාර්මික නිලධාරියකු සිටින විට
👉 Reinforcement (Iron)
👉 Concrete pouring
👉 Level & alignment
මුල් අදියරේම පරීක්ෂා කරන නිසා
බරපතළ දෝෂ කලින්ම වැළැක්වෙයි.
3️⃣ ආරක්ෂාව සහ ව්‍යුහ ශක්තිය තහවුරු කිරීම
නිවසක් කියන්නේ
👉 අදට විතරක් නෙමෙයි වසර 30–50ක් වත් සුරක්ෂිතව භාවිතා කරන ව්‍යුහයක්.
විශේෂයෙන්ම, 🏠 දෙමහල් නිවාස,
🏠 අනාගතයේ තවත් මහලක් දාන්න හිතන නිවාස
Structural safety ඉතා අත්‍යවශ්‍යයි.
👷‍♂️ නිසි අධීක්ෂණය යටතේ,
👉 Load distribution
👉 Column / Beam size
👉 Steel spacing
👉 Concrete strength
නිවැරදිව පාලනය වෙන නිසා
ශක්තිමත් සහ සුරක්ෂිත නිවසක් ලබා ගැනීමට හැකිව ඉතා ඉහලය..
4️⃣ නිවැරදි මිනුම් සහ Level පාලනය
ඉදිකිරීම් වලදී
📏 දිග, පළල, උස
📐 Level, Plumb, Alignment
මේවා මිලිමීටර කිහිපයක් වරදින එකක් වුණත්,
👉 ටයිල් අල්ලද්දි
👉 දොර / කවුළු සවිකරද්දී
👉 වහලය දාද්දී
බරපතළ ගැටලු ඇති වීමට ඉඩකඩ ඇතිවිය හැක.
👷‍♂️ අධීක්ෂණය යටතේ
මේ දේවල් දිනපතා පරීක්ෂා කරන නිසා
අවසානයේ ලස්සන, සෘජු නිවසක් ලැබෙනවා.
5️⃣ අධික වියදම් (Extra Cost) වැළැක්වීම
අධීක්ෂණයකින් තොරව ඉදිකිරීමේදී,
❌ අතිරික්ත සිමෙන්ති
❌ අනවශ්‍ය යකඩ / කම්බි
❌ Plan එකට නොගැළපෙන වෙනස්කම්
මෙවැනි දේවල් නිසා
අනවශ්‍ය වියදම් ඉතා බහුලයි.
✔️ සුදුසුකම් ලත් නිලධාරියකු
👉 අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය
👉 නිවැරදි අනුපාත
👉 වැය විය යුතු මුදල්
කලින්ම පාලනය කරන නිසා
Budget එක අපතේ යන්නේ නැත.
6️⃣ ද්‍රව්‍ය ය ගුණාත්මකභාවය පාලනය
බොහෝ විට, ❌ සිමෙන්ති ප්‍රමාණය අඩු කිරීම
❌ වැලි / ගල් ගුණාත්මක නොවීම
❌ ජලය අවශය පරිදි භාවිතා නොකරීම යනදිය
අධීක්ෂණයක් නැති විට සිදු වෙයි.
👷‍♂️ නිසි අධීක්ෂණය යටතේ
👉 Concrete mix ratio
👉 Steel quality
👉 Curing process
නිවැරදිව පරීක්ෂා කරන නිසා
නිවසේ ශක්තිය තහවුරු වෙයි.
7️⃣ නීති, අනුමත කිරීම් සහ අනාගත ගැටලු වැළැක්වීම
Plan approval, setbacks, height limits වැනි
🏛️ පළාත් පාලන නීති
අනුගමනය නොකලොත්,
❌ දඩ මුදල් ගෙවීමට සිදු වීම
❌ අනුමැතිය නවත්වීම
❌ ඉදිකිරීම් නතර වීම
මෙවැනි ගැටලු ඇතිවිය හැක.
✔️ සුදුසුකම් ලත් නිලධාරියකු
👉 නීතිවලට ගැළපෙන ලෙස
👉 ඉදිකිරීම් සිදු වෙන්න බලනවා.
8️⃣ සේවක කළමනාකරණය සහ කාල පාලනය
අධීක්ෂණයක් නැති විට,
❌ වැඩ ප්‍රමාද වීම
❌ වැඩ අතහැර යාම
❌ එකම වැඩය දෙවරක් කිරීමට සිදු වීම.
👷‍♂️ අධීක්ෂණය යටතේ
👉 වැඩ පිළිවෙල
👉 කාල සීමාව
👉 ගුණාත්මකභාවය
නිවැරදිව පාලනය වෙනවා.
9️⃣ අනාගත නඩත්තු වියදම් අඩු කිරීම
මුලදී වැරදිව ඉදි වූ නිවසක් නම්,
👉 බිත්ති කැඩීම්
👉 ජල කාන්දුවීම්
👉 තරප්පු / වහල ගැටලු
වසර කිහිපයකින් පසු
වැඩි නඩත්තු වියදම් යනවා.
✔️ නිවැරදි අධීක්ෂණය යටතේ ඉදි වූ නිවසක් තුල
👉 දිගු කාලයක්
👉 අවම නඩත්තු වියදමක්
👉 වැඩි වටිනාකමක්
ලැබෙනවා.
🔟 ඔබට මෙමගින් ඔබේ මානසික නිදහස් ලැබෙන අතර
👉 වැඩ හරියට යනවද?
👉 Plan එකට අනුවද?
👉 මුදල් නාස්ති වෙනවද?
මේ ගැන දිනපතා අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත.
👷‍♂️ සුදුසුකම් ලත් නිලධාරියකු සිටින විට
👉 මනසේ නිදහස
👉 විශ්වාසය
👉 සුරක්ෂිත නිවසක්
ඔබට ලැබෙනවා.
✅ අවසන් වශයෙන් කියන්නේ
නිවසක් ඉදි කිරීමේදී
අධීක්ෂණය කියන්නේ වියදමක් නොවෙයි — ආයෝජනයක්.
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න
🏠 ඔබේ සිහින නිවස — නිවැරදි අධීක්ෂණය යටතේ ඉදි කර ගැනීම සදහා අපව සම්බන්ධ කර ගන්න.

🏡 ඔබ නිවාසක් ඉදිකිරීමේදීසුදුසුකම් ලත් සැලසුම් ශිල්පියෙක් ලව්වා සැලසුමක් නිර්මාණය කර ගත යුත්තේ ඇයි?නිවසක් කියන්නේ👉 ජීවිතය...
30/12/2025

🏡 ඔබ නිවාසක් ඉදිකිරීමේදී
සුදුසුකම් ලත් සැලසුම් ශිල්පියෙක් ලව්වා සැලසුමක් නිර්මාණය කර ගත යුත්තේ ඇයි?
නිවසක් කියන්නේ
👉 ජීවිතයේ ලොකුම ආයෝජනයක්.
ඒ නිසා එය අත්හදා බැලීම් වලින් නොව
දැනුම, අත්දැකීම් සහ නීතිමය අවබෝධය මත නිර්මාණය විය යුතුයි.

1️⃣ නීතිමය අනුමැතිය
සුදුසුකම් ලත් සැලසුම් ශිල්පියෙක් නගර සභා හා ප්‍රාදේශීය සභා නීති,
සීමා ඉඩ (Setback),ප්‍රමාණය සහ උස සීමා හොඳින් දැනගෙන සැලසුම් කරයි.

➡️ එම නිසා ඔවුන් නිර්මාණය කරන සැලසුම අනුමැතිය ලබාගැනීමට සූදානම් එකක් වේ.
❌ සුදුසුකම් නැති සැලසුමක් නම් අනුමැතිය ප්‍රතික්ෂේප වීමෙන් කාලයත් මුදලත් දෙකම නාස්ති වේ.

2️⃣ ඉඩමට ගැලපෙන ප්‍රායෝගික සැලසුම වෘත්තීය සැලසුම් ශිල්පියෙක් ඉඩමේ හැඩය, භූමි මට්ටම, සූර්යාලෝකය සහ සුළං දිශාව සලකා බලමින් සැලසුම් කරයි.

➡️ ප්‍රතිඵලය ලෙස දිවා කාලයේම ආලෝකවත්,හොඳ වාතය ගලා යන,
ජීවත් වීමට පහසු නිවසක් ලැබේ.

3️⃣ වියදම් පාලනය
හොඳ සැලසුමක් මඟින් අත්වශ්‍ය නොවන ඉඩකඩ ඉවත් කරයි,
ගොඩනැගිලි ද්‍රව්‍ය අපතේ යාම අඩු කරයි,
පදනම සහ ව්‍යුහය නිවැරදිව සැලසුම් කරයි.

➡️ වැරදි සැලසුමක් නම්
පසුව ලක්ෂ ගණන් අමතර වියදම් ඇති වේ.

4️⃣ ආරක්ෂාව සහ ව්‍යුහමය ශක්තිය
සුදුසුකම් ලත් සැලසුම් ශිල්පියෙක්
කාමර ප්‍රමාණ,
බර බෙදාහැරීම,
පඩිපෙළ, තට්ටු හා විවෘත කොටස්
නිවැරදි ප්‍රමිතීන් අනුව සැලසුම් කරයි.

➡️ මෙය ඔබගේ සහ
ඔබගේ පවුලේ ආරක්ෂාවට සෘජුවම බලපායි.

5️⃣ අනාගතයට ගැලපෙන සැලසුම වෘත්තීය සැලසුම් කිරීම අදට පමණක් නොව හෙටටද සූදානම් කිරීමකි.
*ඉදිරියේ මහලක් ඉදිකිරීම,
*කාමර වැඩි කිරීම,
*ජල, විදුලි සේවා වැඩිදියුණු කිරීම
සැලසුම් අවස්ථාවේදීම සලකා බලයි.

6️⃣ ගෙදර වටිනාකම වැඩි වීම හොඳ සැලසුමක් ඇති නිවසක් නැවත විකිණීමේදී වැඩි වටිනාකමක් ලබයි,
කුලියට දීමේදී වැඩි ආදායමක් ලැබේ,
වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් ඇති වේ.

➡️ එම නිසා මෙය
දිගු කාලීන ආයෝජනයක් ලෙසත් ලාභදායක වේ.

“නිවසක් හදනකොට සැලසුම හරි නම් අනාගතයත් සුභයි..😊😊

📐 Professional House Planning | AutoCAD 2D Drawings
📩 Inbox us for reliable & site-based house designs.

නිවාස සැලසුමක් ඇදීමට පෙර ඉඩම පරීක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි ?බොහෝ දෙනා කරන ලොකුම වැරැද්දක් තමයි, ඉඩම හරිහැටි පරීක්ෂා නොක...
28/12/2025

නිවාස සැලසුමක් ඇදීමට පෙර ඉඩම පරීක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි ?

බොහෝ දෙනා කරන ලොකුම වැරැද්දක් තමයි, ඉඩම හරිහැටි පරීක්ෂා නොකර නිවාස සැලසුමක් ඇදීම. ඒක පසුව වියදම් වැඩිවීම, නීතිමය ගැටලු, සහ භාවිතයේ අපහසුතා වලට හේතු වෙනවා.

හේතු කිහිපයක් මෙන්න👇

1️⃣ ඉඩමේ සැබෑ ප්‍රමාණය සහ සීමා (Boundaries)
Survey plan එකත් ground reality එකත් සමහරවිට නොගැළපෙයි.
👉 Site inspection එකෙන් සීමා කණු, අසල්වැසි ඉඩම් අත්‍යක්‍රමණ හඳුනාගන්න පුළුවන්.
➡️ එහෙම නැත්නම් legal approval stage එකේ plan එක reject වෙන්න පුළුවන්.

2️⃣ භූමි මට්ටම සහ මැටි තත්ත්වය (Ground Condition)
ඉඩම උස්ද, පහත්ද, slope එකක් තියෙනවද කියලා බලලා
👉 Foundation type, plinth height, retaining wall / filling අවශ්‍යතාව තීරණය කරනවා.
➡️ Site එක නොබැලුවොත් පසුව අනපේක්ෂිත වියදම් ලක්ෂ ගණන් වෙන්න පුළුවන්.

3️⃣ පාර, සූර්යාලෝකය සහ සුළං දිශාව (Orientation)
හොඳ නිවසක් කියන්නේ ජීවත් වෙන්න පහසු නිවසක්.
👉 Morning sunlight, natural ventilation, main entrance දිශාව site inspection එකෙන් තීරණය කළ හැක.
➡️ ඒවා නොසලකා plan කළොත් දිවා කාලෙත් lights / fans දාගෙන ඉන්න වෙයි.

4️⃣ ජලය ගලා යන දිශාව සහ නිකාසය (Drainage)
වර්ෂාධික රටක් වන Sri Lanka වල drainage අතිශයින් වැදගත්.
👉 වතුර එකතු වෙන ස්ථාන, ස්වාභාවික ගලා යන දිශාව හඳුනාගන්න පුළුවන්.
➡️ වැරදි drainage නිසා foundation damage, damp walls, mold problems ඇතිවෙයි.

5️⃣ නීති, setback සහ local authority rules
Urban Council / Pradeshiya Sabha නීති ඉඩමෙන් ඉඩමට වෙනස්.
👉 Required setbacks, maximum floor area, access road issues site inspection එකෙන් clear වෙනවා.
➡️ මේවා නොදැන plan ඇද්දොත් approval එක ලැබෙන්නේ නැහැ.

6️⃣ පවතින සේවා සහ බාධා (Utilities & Constraints)
Electricity lines, water lines, drains, ලොකු ගස්, පර්වත වගෙ දේවල්
👉 plan stage එකේදීම consider කරන්න පුළුවන්.
➡️ නැත්නම් construction අතරතුර design වෙනස් කරන්න වෙයි.

7️⃣ අනාගත අවශ්‍යතා (Future Expansion)
👉 Upper floor, extensions, staircase position වගේ දේවල් site inspection එකෙන් කලින්ම plan කරන්න පුළුවන්.

🔑 සාරාංශයෙන්
Site inspection එකක් නැති plan එකක් කියන්නේ foundation එකක් නැති ගෙයක් වගේ.

✔️ වියදම් පාලනය
✔️ නීතිමය ආරක්ෂාව
✔️ දිගු කාලීන භාවිත පහසුව

👉 හොඳ නිවසක් පටන්ගන්නේ ඉඩම හරිහැටි තේරුම් ගත්තමයි.

📐 Professional House Planning | AutoCAD 2D Drawings
📩 Inbox us for site-based planning solutions

Address

Dambulla , Udagaladeniya
Rambukkana
60027

Alerts

Be the first to know and let us send you an email when A S. Design Home. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A S. Design Home.:

Shortcuts

Share